බ්‍රිතාන්‍යයෙන් කොවිඩ් මරණ 209ක් - මාර්තු පසුව වැඩිමලු


බ්‍රිතාන්‍යය අද (07දා) කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ 209ක් වාර්තා කළ අතර, එය මාර්තු 9දායින් පසු වාර්තා වූ වැඩිම දෛනික මරණ එකතුව බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

අගෝස්තු මස ආරම්භයේ සිට එරට තුළ ආසාදන ක්‍රමයෙන් ඉහළ යමින් පවතින නමුත් සති අන්තයේ රෝහල්වලින් සිදුවන අවිධිමත් වාර්තාකරණ රටාවන් හේතුවෙන් මරණ එකතුවට බලපෑම් එල්ල වී ඇති බවද සඳහන් වෙයි. ඒ අනුව ඊයේ වාර්තා වී තිබුණේ දෛනික මරණ 45ක් පමණි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ වාර්තා වූ වෛරසය ආසාදිතයන් 41,192ට සාපේක්ෂව අද දිනයේදී නව ආසාදිතයන් 37,489ක් වාර්තා වී තිබේ. ඩෙල්ටා ප්‍රභේදය සමග එරට තුළ වෛරසයේ යළි හිස එසවීමක් දැකිය හැකි අතර, විශේෂයෙන්ම එන්නත් නොකළ ප්‍රජාව අතර පැතිරීම වේගවත් වී තිබේ.



Recommended Articles