බ්‍රිතාන්‍යයට ආ සංක්‍රමණික පිරිස ලොරි රථය තුළ අවසන් ගමනේ


මහා බ්‍රිතාන්‍යයේ එසෙක්ස් හි ලොරි කන්ටේනරයක් තුළ තිබී මියගිය පුද්ගලයන් 39 දෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ.

ග්‍රේයිස් හි, වෝටර්ග්ලේඩ් කර්මාන්ත උද්‍යානය ආසන්නයේදී මෙම ලොරි රථය හමුවීමත් සමග ගිලන් රථ මගින් පොලීසිය වෙත හදිසි ඇමතුම ලැබී ඇත.

බල්ගේරියාවේ සිට පැමිණි මෙම ලොරි රථය පසුගිය සෙනසුරාදා බ්‍රිතාන්‍ය වෙත ඇතුළු වී ඇති බව මේ වනවිට අනාවරණය වෙයි.

මූලික පරීක්ෂණයන්ට අනුව කන්ටේනර් පෙට්ටිය තුළ වැඩිහිටි මළ සිරුරු 38ක් සහ එක් නව යොවුන් වියේ තරුණයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පොලීසිය කියයි.

එමෙන්ම, ලොරි රථයේ සිටි අයගෙන් ජීවතුන් අතර සිටි කිසිවෙකුත් නොමැති බවද පොලිස් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, මෙම පිරිස අනවසර සංක්‍රමණිකයන් පිරිසක් බව විශ්වාස කෙරෙයි.



Recommended Articles