බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ජාවිඩ් කොවිඩ්-19 ධනාත්මක වෙලා


ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් තමාට කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබී ඇති බව පවසයි.

කෙසේ වෙතත් තමන්ට ඇති රෝග ලක්ෂණ මෘදු බවත්, තමා දැනටමත් රෝගයට එරෙහිව එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින බවත් ජාවිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිත බව දැන ගැනීමට සිදුකර තිබුණේ ක්ෂණික පරීක්ෂාවක් නිසා, තවදුරටත් PCR පරීක්ෂණයකින් එය තහවුරු කිරීමක් බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

කොවිඩ්-19 සඳහා වූ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ඇතැම් පුද්ගලයන්ට පවා වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පැවතියත්, එන්නත් මාත්‍රා ලබාගෙන සිටීමෙන් රෝගය උත්සන්න වීම අවම කිරීම එන්නත්වලින් සහතික කර තිබේ.



Recommended Articles