බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කොවිඩ් ආසාදිත වෙයි


එක්සත් රාජධානියේ විදේශ ලේකම් ලිස් ට්‍රස් එරට පිළිබඳ පාර්ලිමේන්තුවේ සිදුකළ දේශනයකින් පැය කිහිපයකට පසුව කොවිඩ්-19 සඳහා ධනාත්මක බව හඳුනාගෙන තිබේ.

මේ සමගම ඇය ස්වයං හුදකලාවකට ගොස් ඇති අතර, ඇය සමග සමීපව සිටි පිරිසටද හුදකලාව සිටින ලෙස දන්වා ඇත.

"මට මගේ එන්නත් මාත්‍රා තුනම ලැබී තිබීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා මට වැඩි අපහසුවක් දැනෙන්නෙ නැහැ. මම ස්වයං හුදකලාවේ සිටින අතරතුර නිවසේ සිට රාජකාරී සිදුකරනවා" ට්‍රස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.



Recommended Articles