බ්‍රිතාන්‍ය වයස අවු.50 ට වැඩි අයට බූස්ටර් මාත්‍රා ලබාදෙයි


අවදානමට ලක්විය හැකි සියලුම පුද්ගලයන්ට සහ ඔවුන්ගේ දෙවැනි මාත්‍රාවෙන් මාස හයක් ඉක්මගිය පසු මාස 50ට වැඩි වයස්ගත වූවන්ට කොවිඩ්-19 බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර තිබේ.

මෙම ශීත සෘතුවේදී ජනතාවට වැඩි ආරක්ෂාවක් ලබාදීමේ වැඩසටහනට සමගාමීව මෙම එන්නත්කරණය සිදුවෙයි.

බ්‍රිතාන්‍යයේ එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව කියා සිටියේ ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාව සඳහා භාවිත කළ යුතු බවයි. නැතහොත් ඒ වෙනුවට මොඩෙර්නා එන්නතක අර්ධ මාත්‍රාවක් භාවිත කළ යුතු බවයි.



Recommended Articles