බ්‍රිතාන්‍ය ලොරි රථයේ තිබූ මළ සිරුරු ඉවතට ගැනීම සිදුවෙයි


සසෙක්ස් හි ශීත කළ ලොරි රථයක තිබී හමුවූ මළ සිරුරුවලින් 11ක් එම ලොරි රථයෙන් ඉවතට ගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම සඳහා රැගෙන ගිය බව විදෙස් වාර්තා පවසයි.

බෙල්ජියමේ සිට පැමිණි මෙම කන්ටේනර් පෙට්ටියේ තිබී හමුවූ මළ සිරුරු 39 සම්බන්ධයෙන් සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ තවමත් අවසන් නොමැති බව සඳහන් වෙයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු ලොරි රථයේ රියදුරු වන 25 හැවිරිදි රොබින්සන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටින බවද විදෙස් වර්තා පවසයි.

මියගිය පිරිසෙන් 31 දෙනෙකු පුරුෂයන් වන අතර, 8 දෙනෙකු කාන්තාවන් බව හඳුනාගෙන ඇති අතර, ඒ අතර නව යොවුන් වියේ තරුණියකද වෙයි.

කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් ලොරි රථයේ රියදුරා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ඔහුගේ ඥාතීන් මෙන්ම හිතවතුන්ද කියා සිටියි.

මෙය මිනිස් ජාවාරම් කල්ලියක් විසින් සිදුකළ සැලසුමක් විය හැකි බවත්, ඔවුන් බ්‍රිතාන්‍යට රහසේ ඇතුළු කිරීමට ගත් ප්‍රයත්නයක් මෙම මරණවලට හේතුව බවත් විශ්වාස කෙරෙයි.



Recommended Articles