බ්‍රිතාන්‍ය යළිත් නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයට යයි


කොවිඩ්-19 ආසාදනවල වැඩිවීමක් සහ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ඉහළ යන සිද්ධීන් මධ්‍යයේ එංගලන්තව B සැලැස්මේ පියවර වෙත ගමන් කරන බව එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් පවසයි.

B සැලැස්ම යනු වසංගතය හේතුවෙන් එරට ජාතික සෞඛ්‍ය සේවය (NHS) තිරසාර නොවන පීඩනයකට ලක් විය හැකි බවට දත්ත යෝජනා කරන්නේ නම් ගෙන එන පියවර මාලාවකි.

ඒ අනුව එලැඹෙන සඳුදා සිට, මිනිසුන්ට හැකිතරම් නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දෙනු ලබන අතර, සිකුරාදා සිට බොහෝ ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය අනිවාර්ය වේ.

මෙම ස්ථානවලට සිනමාහල්, නෘත්‍යශාලා ඇතුළත් වේ. නමුත් මිනිසුන් ආහාර ගන්නා විට, ව්‍යායාම කරන විට හෝ ගායනා කරන විට ඒවා අවශ්‍ය නොවේ.

මීට අමතරව, රාත්‍රී සමාජ ශාලා සහ විශාල පිරිසක් එක්රැස් වන ස්ථානවලට ඇතුළු වීමට එන්නත් ලබාගත් බවට අවසර පත්‍රයක් අවශ්‍ය වනු ඇත. කොවිඩ්-19 එන්නත මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් සඳහා අවසරපත් තවමත් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මෙම පියවර සමාලෝචනය යටතේ තබා ඇත. මෙම නවතම පියවර සතියකින් හඳුන්වා දෙනු ඇත.

එසේම කොවිඩ්-19 සම්බන්ධතා සඳහා වන නීති වෙනස් වනු ඇත, එමඟින් හුදකලා වීම වෙනුවට මිනිසුන්ට දිනපතා පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය වනු ඇත. මෙය රෝහල් පද්ධතියට ඇතිවන බලපෑම අඩු කිරීමට අදහස් කළ තවත් පියවරකි.

ඩව්නිං වීදියේ පැවති කොරෝනා වෛරස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කළ ජොන්සන් පැවසුවේ ඔමික්‍රෝන් ඩෙල්ටාවට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත්, එක්සත් රාජධානියේ ප්‍රභේදයේ අවස්ථා 568ක් මේ වනවිටත් හඳුනාගෙන ඇති බවත්ය.



Recommended Articles