බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු පිහි ඇණුමකින් ඝාතනය කරලා


මහා බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් අමේස් මාරාන්තික පිහි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීට වසර පහකට පමණ පෙර එනම් 2016 වසරේදී එරට කම්කරු පක්ෂ මන්ත්‍රී ජෝ කොක්ස් සිය මැතිවරණ කොට්ඨාශයේදී ඝාතනය කිරීමෙන් පසු මෙවැනි ඝාතනයකට ලක්වූ බ්‍රිතානයේ දෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.

එසෙක්ස් හි සවුත්හෙන්ඩ් වෙස්ට් නියෝජනය කළ ශ්‍රීමත් ඩේවිඩ්ට සිකුරාදා දහවල් ලී-ඔන්-සී හි බෙල්ෆෙයාර්ස් මෙතෝදිස්ත දේවස්ථානයේදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.

69 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා වෙනුවෙන් එරට නීති සම්පාදකයින් සහ නායකයින් සිය ශෝකය පළ කර තිබුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles