පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ඇමෙස් පිහි ඇණුමකට ලක්ව ඝාතනය වීමේ සිද්ධියත්, මෑතකදී නොර්වේ රාජ්‍යයේ සිදුවූ දුනු ඊතල ප්‍රහාරයත්, ඇෆ්ගනිස්ථානය සහ බ්‍රිතාන්‍යය වෙත මෑතකදී එල්ල වූ ප්‍රහාරත් හෙළා දකින බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් පවසති.
ශාන්ත පීතර චතුරශ්‍රයේ ඉරිදා ආශිර්වාදයේදී පාප් තුමන් කියා සිටියේ, වින්දිතයින්ගේ පවුල් වෙනුවෙන් යාඥා කරන බවත්, "හිංසනයේ මාවත අත්හරින ලෙස" අපරාධකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත්වය.
මේ අතර බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයාගේ ඝාතනයෙන් පසුව එරට දේශපාලඥයන්ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.