බ්‍රිතාන්‍ය මන්ත්‍රීගේ ඝාතකයා අලි හර්බි අලි ලෙස හඳුනා ගනී


බ්‍රිතාන්‍ය නීති සම්පාදක ඩේවිඩ් ඇමෙස්ගේ ඝාතකයා අලි හර්බි අලි ලෙස හඳුනාගෙන ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

සැකකරු මීට වසර කිහිපයකට පෙර ජාතික ත්‍රස්තවාදය වැළැක්වීමේ වැඩසටහනේදී විපරමට ලක්කෙරුණු සෝමාලියානු උරුමයක් ඇති 25 හැවිරිදි බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේදී සැකකරු තනිවම කටයුතු කළ බව විශ්වාස කරන බව ආරක්ෂක අංශ දැනටමත් ප්‍රකාශ කර තිබුණි.

69 හැවිරිදි ඇමීස් සිකුරාදා දහවල් ලන්ඩනයට නැගෙනහිරින් ලෙයි-ඔන්-සී හි දේවස්ථානයක පැවති හමුවකදී පිහි ඇණුමකින් ඝාතනය කර තිබුණි.



Recommended Articles