බ්‍රිතාන්‍ය නෞකාවලට රාජකීය නාවික හමුදාවෙන් ආරක්ෂාවක්


බ්‍රිතාන්‍ය ධජය රැගත් නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය පසුකරද්දී ඊට රාජකීය නාවික හමුදාවේ යුද නෞකාවලින් ආරක්ෂාව සපයන බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

ගල්ෆ් කලාපයේ ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය සමග බ්‍රිතාන්‍ය මෙම පියවර ගෙන ඇති අතර, සියලු නාවික සමාගම්වලට ඔවුන්ගේ ගමන් මාර්ග පිළිබඳ තොරතුරු රාජකීය නාවික හමුදාවට ලබාදෙන ලෙස දන්වා තිබේ.

බ්‍රිතාන්‍ය ධජය රැගත් නෞකාවක් ඉරාන විශේෂ බලකා සෙබලුන් විසින් පසුගියදා පැහැරගැනීමත් සමග බ්‍රිතාන්‍ය මෙම පියවර ගෙන තිබේ.

මෙම නෞකාවේ නැවියන් සියල්ල නිරුපද්‍රිතව සිටින බව නෞකා හිමියා පවසන අතර, ඔවුන් බේරාගැනීම සඳහා ඉරාන බලධාරීන් සමග සාකච්ඡා කරන බව සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් ඉරාන තෙල් ප්‍රවාහන නෞකාවක් පැහැරගැනීමත් සමග ඊට ප්‍රතිචාර ලෙස ඉරානය මෙය සිදුකර තිබුණු අතර, යුරෝපා සංගමයේ සම්බාධක නොතදා සිරියාවට තෙල් ප්‍රවාහනය කරන බවට චෝදනා කරමින් එම පැහැරගැනීම සිදුකර තිබුණි.

කෙසේ වෙතත්. මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඉරනය, ඇමෙරිකාව සහ යුරෝපය සමග සීතල යුද්ධයක පැටලී සිටියි.



Recommended Articles