ලන්ඩනයේ හොංකොංහි අධිකරණ ලේකම්වරයා වෙත හොංකොං විරෝධතාකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරය බියගුළු ප්‍රහාරයක් බව පවසමින් එය චීනය විසින් හෙළා දැක තිබේ.
හොංකොං හි විරෝධතාකරුවන් 30ක් පමණ එක්ව තෙරේසා චෙං වෙත මෙම අඩන්තේට්ටම සිදුකරන විට ඇය බිම වැටී අද වැටී තුවාල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීට පෙර බ්‍රිතාන්‍ය කොලනියක් වූ හොංකොං රාජ්‍ය තුළ තවත් අවුල් ජාලයක් ඇති කිරීමට මෙම ක්‍රියාව සිදුකරන්නට ඇති බව චීන නිලධාරියෙකු වන ජෙන් ෂුවාං පැවසීය.
හොංකොං රාජ්‍ය තුළ මාස 5ක් පුරා පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් තවමත් එරට සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, එය එරට ආර්ථිකයටද දැඩි පහරක් එල්ල කර ඇත.