බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීම සිදුවෙයි


එක්සත් රාජධානිය, ජනවාරි 31 වැනි සිකුරාදා (ඊයේ) එරට වේලාවෙන් රාත්‍රී 11.00ට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිදුවූ අතර, ඉන් අනතුරුව මාස 11ක සංක්‍රාන්ති කාලයකට ඇතුළු වේ.

වසර 47ක සාමාජිකත්වයෙන් පසුව එක්සත් රාජධානිය මෙසේ නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්ව ගියේ, මෙවැනි බ්‍රෙක්සිට් ක්‍රියාවලියකට යා යුතුද යන ජනමත විචාරණයේ ඡන්දයද ප්‍රකාශ කිරීමෙන් වසර තුනකට වැඩි කාලයක් ගතවීමෙන් පසුවය.

මෙම ඓතිහාසික මොහොත සැමරීඹ මෙන්ම, බ්‍රෙක්සිට් විරෝධී විරෝධතාවන්ද ඊයේ (31දා) රාත්‍රියේදී බ්‍රිතාන්‍ය පුරා පැවැත්වී තිබේ. කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍යයේම කොටස්කරුවන් වූ ස්කොට්ලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කළ පිරිස වුවත්, ලන්ඩනයේ මතය අවසානයේදී ක්‍රියාවට නැංවිණි.



Recommended Articles