බ්‍රිතාන්‍ය දුම්රිය සේවකයන් සතියක වැඩවර්ජනයක් සමග නව වසර ආරම්භ කිරීමට සැරසෙන්නේ, මිලියන සංඛ්‍යාත මගීන්ට නැවත සේවයට පැමිණීමට බාධා ඇති කරමිනි.
1980 දශකයේ මාග්‍රට් තැචර් බලයේ සිටීමෙන් පසු බ්‍රිතාන්‍යය එහි දරුණුතම කම්කරු නොසන්සුන්තාවයේ ග්‍රහණයට ලක්ව ඇත.
රටේ උද්ධමනය වසර 40ක උපරිම මට්ටමට පැමිණ ඇති අතර, බොහෝ කම්කරුවන්ට එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.
නොවැම්බරයේ 10.7%ක උද්ධමනය සමග වේගයෙන් ගමන් කිරීමට වැඩි වැටුප් ඉල්ලා හෙදියන්, ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය, පරිපූරක වෛද්‍ය සේවකයන් සහ තැපැල් සේවකයන්ද සටනට එක්වී ඇත.