කොවිඩ්-19 ආසාදනය වීමෙන් එක්සත් රාජධානිය එක් දිනක් තුළ මෙතෙක් වාර්තා කළ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කර ඇති අතර, එම අගය 563ක් බව සඳහන් වෙයි.
ගෙවීගිය පැය 24ක කාලය තුළ එක්සත් රාජධානියෙන් මෙම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුවට අනුව අද (01දා) පස්වරු 5.00 වනවිට පුද්ගලයින් 2,352ක් කොවිඩ්-19 ආසාදනය වීමෙන් එරට තුළ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ධනාත්මක බව තහවුරු කළ ආසාදිතයන් 29,474ක්ද වාර්තා කර තිබේ. එහිදී ගෙවීගිය පැය 24 තුළ නව ආසාදිතයන් 4,324ක් වාර්තා වී තිබේ.