බ්‍රිතාන්‍යයේ සුවකළ නොහැකි ලියුකේමියා පිළිකා තත්ත්වයකින් පෙලුණු දැරියකට සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් මගින් අගේ ශරීරයේ වූ එම තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
බ්‍රිතාන්‍යයේ ග්‍රේට් ඔරිමොන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි, 13 හැවිරිදි ඇලිසා දැරියට මීට පෙර ලබාදුන් කිමෝතෙරපි සහ ඇටමිදුලු බද්ද කිරීම ආදී කිසිදු ප්‍රතිකාරයක් සාර්ථක නොවීමත් සමග මෙලෙස නව ප්‍රතිකාරය සිදුකර තිබේ.
කිසිදු සායනික අත්හදා බැලීමකින් තොරව මෙම නව ප්‍රතිකාර ක්‍රමය ඇය වෙත ලබාදී ඇති අතර, ඉන් මාස හයක කාලයකට පසුව ඇගෙන් මෙම ලියුකේමියා පිළිකා තත්ත්වය හඳුනා නොගැනීම සුවිශේෂී අවස්ථාවක් බව වෛද්‍යවරුන් සඳහන් කරයි.