බ්‍රිතාන්‍ය තෙල් නැවකට ඉරානයේ බාධා කිරීම් - ගල්ෆ් මුහුද උණුසුම්


ගල්ෆ් මුහුදේ යාත්‍රා කරන බ්‍රිතාන්‍ය නෞකා සම්බන්ධයෙන් වූ අවදානම් මට්ටම උපරිමයට ගැනීමට බ්‍රිතාන්‍ය කටයුතු කර තිබේ.

කලාපයේ ඇතිවී තිබෙන උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර කරන අවස්ථාවක් ලෙස මෙය සැලකෙයි.

බදාදා දිනයේ ඉරාන බෝට්ටු කිහිපයක් විසින් ඉරානයේ තෙල් ප්‍රවාහන නෞකාවකට බාධා කර ඇති අතර, පසුව රාජකීය නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් පැමිණ එම බෝට්ටු පළවා හැර ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉරානය පසුගියදා එකට එකකිරීමක් ගැන අනතුරු අඟවා තිබුණත්, මෙම නෞකාව පැහැර ගැනීමකට උත්සාහ නොකළ බව ඉරානය පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමග මෙම කලාපයේ ගමන් කරන බ්‍රිතාන්‍ය නෞකා සම්බන්ධයෙන් වූ අවදානම් මට්ටම ඉහළ නැංවීම එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.



Recommended Articles