බ්‍රිතාන්‍ය ඉරිදා නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව එරට තවත් පුද්ගලයින් 30,305ක් කොවිඩ්-19 ආසාදනයට ලක්ව ඇති අතර, රටේ සමස්ත වෛරස් රෝගීන් සංඛ්‍යාව 9,301,909ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කොරෝනා වෛරස් ආශ්රිත මරණ 62ක්ද එදින රටින් වාර්තා විය. බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් ආශ්රිත මුළු මරණ සංඛ්‍යාව මේ වනවිට 141,805කි. මෙම සංඛ්‍යාවලට ඇතුළත් වන්නේ ඔවුන්ගේ පළමු ධනාත්මක පරීක්ෂණයෙන් දින 28ක් ඇතුළත මියගිය පුද්ගලයින්ගේ මරණ පමණි.
මේ වනවිට කොවිඩ්-19 රෝගීන් 9,160ක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව බ්‍රිතාන්‍ය පවසයි.
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුවට අනුව, බ්‍රිතාන්‍යයේ මිලියන 10කට ආසන්න පිරිසකට ඔවුන්ගේ බූස්ටර් එන්නත් ලැබී ඇත.
"කොවිඩ්-19 බූස්ටරයක් හෝ ඉන්ෆ්ලුවෙන්සා එන්නත සඳහා සුදුසුකම් ඇති සියලු දෙනාගෙන් මම තරයේ ඉල්ලා සිටින්නේ ඔබට හැකි ඉක්මනින් එම එන්නත් මාත්‍රා ලබා ගන්නා ලෙසයි" බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය හා සමාජ සත්කාර අමාත්‍ය සජිඩ් ජාවිඩ් පැවසීය.
"මෙය සැබවින්ම ජාතික මෙහෙවරක්. අපි සියලු දෙනා එකතු වී අපගේ කාර්යභාරය ඉටු කරන්නේ නම්, අපට මේ අභියෝගාත්මක ශීත කාලය ගතකළ හැකියි. සීමාවන් වෙත ආපසු යාමෙන් වැළකී නත්තල භුක්ති විඳිය හැකියි" ජාවිඩ් වැඩිදුරටත් පැවසීය.