බ්‍රිතාන්‍ය ත්‍රස්ත තර්ජනය යළිත් දරුණු මට්ටමට එයි


ත්‍රස්තවාදී සිද්ධියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ලිවර්පූල් රෝහල ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් පසු බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත තර්ජන මට්ටම 'සැලකිය යුතු' සිට 'දරුණු' මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් විසින් තහවුරු කරන ලද මෙම නවතම යාවත්කාලීනය සිදුවන්නේ තවදුරටත් ප්‍රහාර එල්ලවීමට "ඉහළින්ම ඉඩ ඇති" බවට විනිශ්චය කිරීමත් සමගිනි.

"ඒකාබද්ධ ත්‍රස්තවාදී විශ්ලේෂණ මධ්‍යස්ථානය දැන් එක්සත් රාජධානියේ ත්‍රස්ත තර්ජන මට්ටම 'සැලකිය යුතු' මට්ටමේ සිට 'දරුණු' මට්ටමට වැඩි කර තිබෙනවා" යැයි පටෙල් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය.

"ඒකටත් හේතුවක්  තිබෙනවා. මන්දයත් අපි පසුගියදා දුටුවේ මාසයක් ඇතුළත සිදු වූ දෙවැනි සිදුවීමයි." හෙතෙම සඳහන් කළේය.

"දරුණු" මට්ටම බ්‍රිතාන්‍යයේ දෙවැනි ඉහළම අනතුරු ඇඟවීමයි. එහි මට්ටමක් පහකින් ඇති ත්‍රස්තවාදී තර්ජන අනතුරු ඇඟවීමේ පද්ධතිය "පහත්, මධ්‍යස්ථ, සැලකිය යුතු, දරුණු සහ ඉතා දරුණු" යනුවෙන් දැක්වේ.



Recommended Articles