බ්‍රිතාන්‍ය ජාතික උරපොදි තරුණිය ඝාතනය කර ඇති බව තහවුරු වේ


නවසීලන්තයේදී බ්‍රිතාන්‍ය ජාතික උරපොදි සංචාරක තරුණියක ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට පත් තැනැත්තා ඇය මරා දැමීමෙන් පසුව ඇගේ සිරුර සූට්කේස් එකක් තුළ සඟවා ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.

ග්‍රේස් මිලේන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඕක්ලන්ඩ් හිදී පැවති නඩු විභාගයේදී මෙම කරුණු හෙළි කෙරුණු අතර, පසුව ඔහු ඇයගේ සිරුර ළඳු කැළෑ ප්‍රදේශයක වළ දමා ඇත.

අත්අඩංගුවට පත් 37 හැවිරිදි සැකකරු මුලින් කියා සිටියේ ඇය තමන් සමග අස්වාභාවික ලිංගික ක්‍රියාවකට එක්වීමේදී මෙම මරණය සිදුවූ බවය.

නමුත්, ජූරිය ඔහුගේ පාපොච්චාරණය ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු වරදකරු බවට පත්කර ඇත.

මෙම නඩුව විභාග වන අවස්ථාවේදී එම අධිකරණ භූමියේ සිටි තරුණියගේ දෙමුව්පියන් හඬා වැටුණු බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles