බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ 28,000 තාවකාලිකව ඉවතට


කොවිඩ්-19 වෛරසය පැතිරයාමේ අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවය සිය සේවකයන් 28,000ක් පමණ යම් දීමනාවක් සමග තාවකාලිකව සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නියුතු දහස් ගණනක් සේවකයන් නියෝජනය කරන මෙම සංගමය, නව කොරෝනා වෛරස් අර්බුදය තුළ සේවකයන් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගුවන් සමාගම සමඟ එකඟතාවකට පැමිණ ඇති බව සඳහන් කරයි.

එම සංගමය පැවසුවේ සේවකයන් 28,000ක් තාවකාලිකව ඉවත් කරන අතර, එසේ වුවද ඔවුන්ගේ වැටුපෙන් 80%ක් ලැබෙනු ඇති බවයි. මෙම සැලැස්ම යටතේ එක්සත් රාජධානියේ රජය මසකට බ්‍රිතාන්‍ය පවුම් 2,500ක් නොඉක්මවමින් සේවක වැටුපෙන් 80%ක් ගෙවනු ඇත. එහිදී සියලුම සේවකයන්ට තම මාසික වැටුපෙන් 80%ක් ලැබෙන බව සහතික කිරීමට, බ්‍රිතාන්‍ය ගුවන් සේවය ඊට ඉහළින් ඇති ඕනෑම ඉපැයීමක් ආවරණය කරනු ඇත.

මෙම කාලය තුළ දීමනාවක් නොගෙවා තාවකාලිකව ඉවත් කිරීමක් සහ අතිරික්ත ගෙවීමක් සිදු නොවන බව එම සංගමය සහ බ්‍රිතාන්‍ය ගුවන් සේවය වැඩිදුරටත් එකඟ වී තිබේ.

මෙම එකඟතාව ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ කම්කරු සංගමයෙහි සාමාජිකයන්ගේ අවසාන අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටියි.



Recommended Articles