මහා බ්‍රිතාන්‍යයේ දැවැන්තම ගුවන් තොටුපොළ ද්විත්වය ලෙස සැලකෙන හිතෘ සහ ගැට්වික් හි ගුවන් සංඥා පද්ධතියේ සිදුවූ දෝෂයක් හේතුවෙන් ගුවන් යානා රැසක් ප්‍රමාද වී තිබේ.
පසුගිය සතීයේ යුරෝපයට බලපෑ දරුණු උණුසුම් වායු දහරාවන් සමග ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමෙන් අනතුරුව යළි එම ගුවන් තොටුපොළ සක්‍රීය වීමත් සමග මෙම අර්බුදය අතිවී තිබේ.
මෙම ගුවන් සංඥා පද්ධතියේ දෝෂය යළි යථාතත්ත්වයට පත්කර ගැනීමට කඩිනම් පියවර ගන්නා බව බලධාරීන් සඳහන් කළත්, මෙම සිදුවීම නිසා ගුවන් මගීන් දහස් ගණනක් අපහසුතාවට පත්ව තිබුණි.
මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රමාද වූ දුම්රිය ගමන්ද සිකුරාදා දිනය වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණු බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.