බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් පර්යේෂණ පවත්වන නව කොරෝනා එන්නත ලබාදුන් සිය ගණනක් දෙනා තුළ ආරක්ෂිත ප්‍රතිශක්තිකණ ප්‍රතිචාරයක් සිය මුල් අත්හදා බැලීම්වලදී පෙන්වා ඇති බව කියයි.
බ්‍රිතාන්‍ය පර්යේෂකයන් ප්‍රථම වරට එන්නත පරීක්‍ෂා කිරීම ආරම්භ කළේ පුද්ගලයන් 1,000ක් පමණ යොදාගෙන වන අතර, ඉන් අඩක්ම පරීක්ෂණාත්මක එන්නත ලබාගත්හ. එවැනි මුල් අත්හදා බැලීම් සාමාන්‍යයෙන් නිර්මාණය කර ඇත්තේ ආරක්ෂාව තක්සේරු කිරීම සඳහා පමණක් වුවත්, මේ අවස්ථාවේදී විශේෂඥයන් ඉන් කවර ආකාරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කළේද යන්න සොයා බලා තිබුණි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ මේ වසර අවසන් වනවිට සංවර්ධනය කරන ලද කොවිඩ්-19 ට එරෙහිව සාර්ථක එන්නතක් ලබාදෙන බවට තමාට පොරොන්දු විය නොහැකි බවය.
"අපට එන්නතක් ලැබෙනු ඇතැයි මට සියයට සියයක් විශ්වාසයි, මේ වසරේ හෝ ඇත්ත වශයෙන්ම ලබන වසරේදී, එය අතිශයෝක්තියක් පමණයි. අපි තවම ඒ අවස්ථාවේ නැහැ." අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.