ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ තවත් ආසාදිතයන් දෙදෙනෙකු සමග ලන්ඩනයෙන් වාර්තා වීමත් සමග, මේ දක්වා, එක්සත් රාජධානියේ මෙම නව ප්‍රභේදය සමඟ ධනාත්මක බව පරීක්ෂා කළ මුළු පුද්ගලයන් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ස්කයි පුවත් සේවය වාර්තා කළේ, නවතම ආසාදන සිද්ධීන් කැම්ඩන් සහ වෑන්ඩ්ස්වර්ත් යන නගරවලින් අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම මෙම ආසාදන සිද්ධීන් එකිනෙකට සම්බන්ධ නොවූ අතර, ඒවා කලින් තහවුරු වූ සිද්ධීන් සමග සම්බන්ධ වී නොමැති වීමද සැලකිය යුතු තත්ත්වයකි. කෙසේ වෙතත් මෙම සිද්ධීන් දෙකම දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීම් හා සබඳතා පවතී.
මෙම ආසාදිතයන් මේ වනවිට සිය නිවෙස්වලම හුදකලා කර ඇති බව කියයි.