බ්‍රිතාන්‍ය ඔමික්‍රෝන් ආසාදන 25,000ට ළඟයි - මරණ 7ක්


බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන්ට අනුව, එක්සත් රාජධානියේ කොරෝනා වෛරසයේ වේගවත් ව්‍යාප්තියක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදන සිද්ධීන් 25,000කට ආසන්න සංඛ්‍යාවක් දක්වා තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර, එම ප්‍රභේදය ආසාදනය වූ සමස්ත මරණ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තහවුරු කරන ලද ඔමික්‍රෝන් කොවිඩ්-19 ආසාදිතයන් දෙසැම්බර් 17 වැනි දින සවස 6.00 වන විට 24,968ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පැය 24ක් තුළ ආසාදිතයන් 10,000කට වඩා වැඩි වී ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සෙනසුරාදා ප්‍රකාශ කළේය.

එසේම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතව සිටි පුද්ගලයින්ගේ මරණ දෙසැම්බර් 16 වනවිට 07ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, දෙසැම්බර් 14 දක්වා කාලය තුළ රෝහල්ගත කිරීම් 65 සිට 85 දක්වා වැඩිවී තිබේ.



Recommended Articles