බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජිනට ඇවිද ගැනීමේ අපහසුතාවක්


වසර 60කට පමණ පසු ප්‍රථම වතාවට එළිසබෙත් රැජින අඟහරුවාදා පාර්ලිමේන්තුවේ නව සභාවාරය විවෘත කිරීමට සහභාගී නොවන බව බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

96 හැවිරිදි රැජිනට මේ වනවිට ඇවිදැ ගැනීමේ අපහසුතා ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ. ඒ අනුව, චාල්ස් කුමරු සහ ඔහුගේ වැඩිමහල් පුත් විලියම් කුමරු ඇය වෙනුවට උත්සවයට පැමිණේ.

"රැජින නිදහසේ පහසුවෙන් ගමන් කිරීමේ ගැටලුවක් අත්විඳින අතර, ඇයගේ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර ඇය හෙට පාර්ලිමේන්තුවට සහභාගී නොවන බව අකමැත්තෙන් වුවත් තීරණය කර ඇත." බකිංහැම් මාලිගයේ ප්‍රකාශය කියවයි.

රාජකීය මාලිගය රැජිනගේ අසනීපයේ ස්වභාවය පිළිබඳව වැඩි විස්තරයක් හෙළි නොකළ නමුත් සඳුදා මෙම තීරණය ගෙන ඇති බවත් මෙම ගැටළුව පසුගිය වසරේ ඇය පීඩාවට පත් වූ වෙනත් රෝගයක් සම්බන්ධ බවත් පමණක් සඳහන් කර තිබේ. 2021 ඔක්තෝබර් මාසයේදී එලිසබෙත් රැජින නිශ්චිතව සඳහන් නොකළ රෝගයක් සඳහා කෙටි කලක් රෝහල්ගත කරන ලද අතර, ඇයගේ වෛද්‍යවරුන් විසින් විවේක ගන්නා ලෙසට දන්වන ලදී.



Recommended Articles