බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ මාණ්ඩලික ප්‍රධානී ඩෑන් රොසන්ෆීල්ඩ් ඉල්ලා අස්වී ඇති අතර, ඔහුගේ ප්‍රධාන පෞද්ගලික ලේකම්වරයාද ඉල්ලා අස්වී ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.
"ඩෑන් රොසන්ෆීල්ඩ් අගමැතිතුමාට සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ අතර එය පිළිගෙන තිබෙනවා" යනුවෙන් ඩව්නිං වීදියේ ප්‍රකාශකයෙක් පැවසීය.
"මාර්ටින් රෙනෝල්ඩ්ස්ද ප්‍රධාන පෞද්ගලික ලේකම්වරයාගේ භූමිකාවෙන් ඉවත් වීමට අදහස් කරන බව අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඊට එකඟ වී තිබෙනවා." එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.