බ්‍රිතාන්‍ය අගමැතිවරයා සත්ත්ව සුබසාධනය සඳහාත් සැරසෙයි


බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු අතර පවතින සත්ව සුබසාධනය මෙන්ම, දේශගුණික විපර්යාස වැළැක්වීම සහ හරිත රැකියා සඳහා යොමුවීම සිය පෙම්වතියගේ පෙළඹවීමෙන් සඳහන් කළ දෑ විය හැකිය.

නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අගමැති ධුරයට පත්වෙමින් අංක 10 නිල නිවස ඉදිරිපිට සිදුකළ ප්‍රථම කතාවේදී මෙම අදහස් මතුවූ අතර, ඔහු තවත් ජනතා පොරොන්දු රැසක් එම කතාවේදී ඉදිරිපත් කළේය.

විශේෂයෙන්ම ඔක්තෝබර් 31දා යුරෝපා සංගමයෙන් ඉවත්වීම, බ්‍රෙක්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ නව සම්මුතියක් පිළිබඳ සාකච්ඡා ඇරඹීම, නව රෝහල් 20ක් ඇති කිරීම, සමාජ සුබ සාධන වැඩසටහන් ශක්තිමත් කිරීම, ප්‍රාථමික හා ද්විතීයික පාසල් සඳහා අරමුදල් වැඩිකිරීම, රට එක්සේසත් කිරීම, උසස් වැටුප්, උසස් ජීවන තත්ත්ව සහ උසස් ඵලදායීතාවක් ලබාදීම, බ්‍රිතාන්‍යයේ ජෛව තාක්ෂණ හා අභ්‍යවකාශ විද්‍යාව ක්ෂේත්‍රය නැංවීම, ආයෝජන දිරිගැන්වීම සඳහා බදු සංශෝධන සහ බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසුවත් යුරෝපා සංගමයට අයත් පුරවැසියන්ට බ්‍රිතාන්‍ය තුළ රැඳී සිටීමට අවස්ථාව සැලසීම ආදී පොරොන්දුද නව අගමැතිවරයා විසින් ලබාදෙන ලදී.



Recommended Articles