බ්‍රිතාන්‍ය අගමැතිට ගෙදර යන්න දොරටු විවර වෙයි


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති අතර, නව නායකයෙකු තෝරා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට ඔහුට සිදුවනු ඇත.

වසර තුනකටත් අඩු කාලයකින් ඔහු ධුරයෙන් නික්ම යන්නේ 2019 මහ මැතිවරණයෙන් අතිවිශාල බහුතරයක් දිනා තිබියදී වීමද විශේෂත්වයකි.

විශේෂයෙන්ම පසුගිය දිනවල අගමැතිවරයාට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසමින්, ජනතාව සාමකාමීව ඩවුනින් වීදියේ අංක 10 අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධතාවල නිරත වන ආකාරය දැකිය හැකි විය.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශයේ සඳහන් වූයේ, "අපේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සභාපති ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රැඩි සමග, නව නායකයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ කළ යුතු බවට මම එකඟ වෙනවා. ඉදිරි සතියේ කාලසටහන ප්‍රකාශයට පත් කරනවා." යනුවෙනි. "මම කැබිනට් මණ්ඩලයක් පත් කර තිබෙන නමුත්, ඒ නව නායකයෙකු පත්වන තුරු සේවය කිරීමට පමණයි." ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, එරට විරුද්ධ පක්ෂ ජොන්සන්ගෙන් ඉල්ලා සිටින්නේ අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් බලා නොසිට වහාම අග්‍රාමාත්‍ය ධුරය හැර යන ලෙසයි.



Recommended Articles