බ්‍රිතාන්‍ය අගමැති බොරිස්ගේ නව කැබිනෙට්ටුවට දැඩි විවේචනයක්


බ්‍රිතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන්ගේ කැබිනෙට්ටුව මාග්‍රට් තැචර්ගෙන් පසුව ඉතා නරකම කැබිනෙට්ටුව ලෙස මේ වනවිට විවේචන එල්ල වෙමින් පවතී.

ඔහුගේ නව කැබිනට් මණ්ඩලයේදී තෙරේසා මේ පාලනයේ සිටි බොහෝදෙනෙකුගේ නම් කැපී ඇති අතර, ඒ වෙනුවට උග්‍ර බ්‍රෙක්සිට් හිතවාදීන් සහ උමතු දක්ෂිණාංශිකයන් සිටින බවට එස්.එන්පී. පක්ෂය චෝදනා කරයි.

මෙම කැබිනෙට්ටුව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නයිජෙල් ෆරාජ් සතුටු වනු ඇති බව පවසන ඔවුන්, මරණ දඬුවම පවා යළි ගෙනඒමට ඔවුන් කටයුතු කරනු ඇති බව කියයි.

මේ තත්ත්වය තුළ ස්කොට්ලන්තය අමතක කර දැමීමක් හෝ පැත්තකට දැමීමක් සිදුවනු ඇති බවත්, මේ අවස්ථාවේදී ජනමත විචාරණයක් බහුතරයගේ ඉල්ලීම වනු ඇති බවත් පෙන්වා දෙයි.



Recommended Articles