බ්‍රිතාන්‍ය අගමැති බොරිස් යුක්රේනයේ සංචාරයක


බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ යුක්රේනයේ ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි යුක්රේනයේ කියෙව් අගනුවර, මයිහයිලිව්ස්කා චතුරශ්‍රයේ සංචාරය කළ අතර විනාශ වූ රුසියානු හමුදා වාහන සහ ආයුධ ප්‍රදර්ශනයක් නැරඹීමට එක්විය.

රුසියාව සිය හමුදා මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු යුක්රේන අගනුවරට ඔහුගේ දෙවැනි සංචාරය මෙය විය.

මෙම සංචාරයේදී බ්‍රිතාන්‍ය නායකයා විසින් යුක්රේන හමුදා සඳහා පුහුණු වැඩසටහනක් දියත් කිරීමට සෙලෙන්ස්කි වෙත පොරොන්දුවක් ලබාදී තිබේ.



Recommended Articles