නව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඩවුනින් වීදියේ අංක 10 නිවසට පැමිණෙන විට ඔහුගේ පෙම්වතිය කැරී සයිමන්ඩ්ස් ඒ වෙත පැමිණ සිටි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හිටපු මහජන සම්බන්ධතා ප්‍රධානියෙකු වන ඇය දැනට මාස 18ක පමණ කාලයක සිට නව අගමැතිවරයා සමග පෙමින් වෙළී සිටින බව සඳහන් වෙයි.
බොරිස් අගමැති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථම වරට ඩවුනින් වීදයේ අංක 10 නිවස ඉදිරිපිට සිට ජාතිය අමතන අවස්ථාවට ඇයද මෙසේ සම්බන්ධ වී සිටි අතර, බොරිස් සමග මෙම නව නිවසට ඇයද පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.
ඉන්ඩිපෙන්ඩන්ට් සම ආදිකර්තෘ මැතිව් සයිමන්ඩ් සහ නීතීඥවරියක වන ජොසෆින් මැකෆීගේ දියණිය වන කැරී සයිමන්ඩ් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණයට එරෙහිව සටන් වදින්නියකි. එමෙන්ම, සත්ව සුබසාධනය සම්බන්ධයෙන්ද ඇය වැඩි ඇල්මක් දක්වන බව කියැවෙයි.