බ්‍රිතාන්‍ය අගමැති පොරය තවදුරටත් උණුසුම් වෙයි


හිටපු බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය රිෂි සුනක් දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී වැඩිම ඡන්ද ලබා ගනිමින් බොරිස් ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂයේ නායක සහ අගමැති ධුරය සඳහා තරගයේ ඉදිරියට පැමිණ සිටී.

සුනක් ඡන්ද 101 ක් ලබාගෙන පළමු ස්ථානයට පත් වූ අතර, කනිෂ්ඨ වෙළඳ අමාත්‍ය පෙනී මෝර්ඩොන්ට් ඡන්ද 83 ක් සහ විදේශ ලේකම් ලිස් ට්‍රස් ඡන්ද 64 ක් ලබා ගෙන ඇත. නීතිපති සුඑලා බ්‍රැවර්මන් ඡන්ද 27කින් ඉවත් විය.

එමෙන්ම, නීති සම්පාදක ටොම් ටුගෙන්ඩ්හට් ඡන්ද 32 ක් සහ කෙමි බෙඩ්නෝ ඡන්ද 49ක් ලබා ගත්තේය.



Recommended Articles