බ්‍රිතාන්‍ය අගමැති පුටුවේ වැඩට විදේශ ලේකම් ඩොමිනික් රාබ්


එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් කොවිඩ්-19 ආසාදිතව දැඩි සත්කාර ඒකකයට යොමුකිරීමට පෙර, අවශ්‍ය මොහොතේ තමා වෙනුවෙන් පෙනී සිටින ලෙස තම කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨතම කැබිනට් අමාත්‍යවරයා වන විදේශ ලේකම් ඩොමිනික් රාබ්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව නව කොරෝනා වෛරසය පිළිබඳව බ්‍රිතාන්‍යයේදී දිනපතා පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අගමැති ජොන්සන් වෙනුවන් රාබ් පෙනී සිටි ඇති අතර, අද පැවැත්වෙන කොරෝනා සම්බන්ධ හදිසි ආරක්ෂක කැබිනට් රැස්වීමේ මුලසුනද ඔහු දැරූ බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත් අගමැතිවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටින බව සඵත කරමින්, මෙම මාධ්‍ය හමුවේදී රාබ් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා හොඳ ආත්ම ශක්තියකින් යුතුව දිගටම රට මෙහෙයවනු ඇති බවය. කෙසේ වෙතත් දිගින් දිගටම ඔහුගේ රෝග ලක්ෂණ පැවති බවද ඔහු සඳහන් කර තිබේ.



Recommended Articles