රිෂි සුනක් මන්ත්‍රීවරුන් අතර පළමු ඡන්ද විමසීම් දෙක පහසුවෙන් ජයග්‍රහණය කළ නමුත් අවසාන තීරණය පක්ෂ සාමාජිකත්වය මත පවතී.
සති අන්තය වන විට අදහස් හා පොරොන්දු පිළිබඳ විවාදය, කොන්සර්වේටිව් පක්ෂයේ වීදි සටනක් බවට පත්වීම පුදුමයක් නොවන බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, අපේක්ෂකයින්ට ඔවුන්ගේ පැවැත්ම සඳහා මාවත කොතැනද යන්න පැහැදිලිව දැකගත හැකිවනු ඇති අතර, බොහෝදුරට එක්සත් රාජධානියේ පාලක පක්ෂයේ නායකයා වීමට දැඩි තරගයක් දීමට සිදුවනු ඇති බව කියයි.
හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් මධ්‍යස්ථ, පළපුරුදු සහ ඉදිරිපත් කළ හැකි අපේක්ෂකයෙකු ලෙස ඉදිරියෙන් සිටියත්, අවසාන අපේක්ෂකයින් දෙදෙනා අතර තීරණාත්මක තරගයක් පවතිනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.