බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉවත්ව යන තේරේසා මේ ඊයේ (24දා) අවසන් වරට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ පැනයන්ට පිළිතුරු ලබාදුන්නාය.
තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස රැඳී සිටින බව පවසා සිටි ඇය, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කැපවීමෙන් ඉදිරියට ගෙනයෑම සඳහා නව අගමැතිවරයාට රට භාරදීම තමා බොහෝ සතුටින් සිදුකරන බවද කීවාය.
බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට බොරිස් ජොන්සන් ඊයේ (23දා) පත්වීම් ලැබීමත් සමග තේරේසා මේ අගමැති ධුරයෙන් ඉවත්වීම සිදුවිය.
විදේශ ලේකම් ජෙරමි හන්ට් සමග තරග කරමින් කන්සර්වේටිව් සාමාජික ඡන්ද වැඩි ප්‍රමාණයක් ලබාගනිමින් බොරිස් ජොන්සන් ජයග්‍රහණය කළ අතර, එම අවස්ථාවේදීද අගමැතිනී තේරේසා මේ ඔහු වෙත සුබ පැතීම සිදුකළාය.
"අපි සියලු දෙනා දැන් එකතුව මුළු බ්‍රිතාන්‍යයට යහපත් වන ආකාරයට බ්‍රෙක්සිට් සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. එමගින් ජෙරමි කෝබින් ආණ්ඩුවෙන් ඈත් කර තැබීමට හැකි වේවි."