බ්‍රිතාන්‍ය අගමැති තවමත් දැඩි සත්කාර ඒකකයේ


එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය ස්ථාවර වෙමින් පැවතියත්, ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ සිටින බව අග්‍රාමාත්‍ය ප්‍රකාශකයෙකු පවසා තිබේ.

"ඔහු හොඳ මානසිකත්වයකින් පසුවෙනවා" යැයි ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි.

ජොන්සන් පසුගිය ඉරිදා රාත්‍රියේ රෝහල්ගත කරන ලද අතර, එම අවස්ථාවේදී අගමැති කාර්යාලය කියා සිටියේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් සිදුකර දින 10කට පසුව ඔහු දිගින් දිගටම කැස්ස සහ උණ රෝගයෙන් පෙළෙන බැවින් මෙම තීරණය පූර්වාරක්ෂක පියවරක් ලෙස ගත් බවයි.

නමුත් ඊයේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරුණු අතර, ඔහුව ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි.



Recommended Articles