බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් ඉන්ධන හල් තුනෙන් එකක තෙල් නෑ


මහා බ්‍රිතාන්‍යයේ ඉන්ධන හිඟය තවත් උග්‍ර කරමින්, බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් ඉන්ධන පිරවුම්හල්වලින් තුනෙන් එකක මේ වනවිට ඉන්ධන හිඟ වී ඇති බව එම සමාගම පවසයි.

විශේෂයෙන්ම ඉන්ධන හිඟයක් ගැන භීතියෙන් එරට වැසියන් සති අන්තයේදී ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳෙමින් තම වාහනවලට ඉන්ධන පුරවා ගැනීමට කටයුතු කළ නිසා බව කියයි.

නමුත් මෙය නොවිය යුත්තක් බවත්, ඉන්ධන තොග පවතින බැවින් සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාගන්නා ලෙස එරට අමාත්‍යවරු මෙන්ම පොලීසියද ජනතාව දැනුවත් කළද ජනතාව ඉන්ධන හිඟය ගැන බියෙන් තම වාහනවල ඉන්ධන ටැංකි පුරවා ගැනීමට කටයුතු කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ තම සමාගම සතු ඉන්ධන පිරවුම්හල් වෙත හැකි ඉක්මණින් ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරන බවද බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම පවසා ඇත.



Recommended Articles