බ්‍රැඩ් - ජෙනිෆර් නළු නිළි යුවල SAG සම්මාන උළෙලේ එකට


බ්‍රැඩ් පිට් සහ ඔහුගේ හිටපු බිරිඳ ජෙනිෆර් ඇනිස්ටන් යන දෙදෙනාම SAG සම්මාන උළෙල එක්ව සැමරූ පුවතක් වාර්තා වෙයි.

මෙහිදී හොලිවුඩ් සිනමාවේ 'වන්ස් අපොන් අ ටයිම්...' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් බ්‍රැඩ් පිට් හොඳම සහාය නළුවා ලෙස නම් කරන ලදී.

ඔහු නම මෙසේ යෝජනා වීමෙන් පසු ඔහුට සුබ පැතීමට ජෙනිෆර් කටයුතු කළ අතර, ඉන් මොහොතකට පසුව 'ද මෝනිං ෂෝ' නාට්‍ය මාලාවේ හොඳම නිළිය ලෙස ජෙනිෆර්ගේ නම කියැවෙන විට ඇයට සුබ පැතීමට ඉදිරිපත් වූ පළමු පුද්ගලයා බවට බ්‍රැඩ් පත්වීය.

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පැවති මෙම සම්මාන උළෙලේදී බ්‍රිතාන්‍යයේ ෆෝබි වොලර්-බ්‍රිජ් ද ගෞරවයට පාත්‍ර විය.

මේ වනවිට ඇන්ජලීනා ජොලීන්ගෙන්ද වෙන්ව සිටින බ්‍රැඩ්, යළිත් සිය පැරණි බිරිඳ සමග මෙසේ සතුට බෙදාහදා ගත් අවස්ථාව හොලිවුඩ් පුවත් අතර වඩාත් උණුසුම් පුවතක් වී තිබේ.



Recommended Articles