බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවීගිය සෙනසුරාදා දිනයේ එරට නව කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 1,109 ක් වාර්තා කර තිබේ.
ඒ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (28දා) උදෑසන එරට වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා කළේ 57,070ක් ලෙසිනි.
දෛනිකව ඉතා ඉහළ ආසාදිතයන් පිරිසක් මේ වනවිට වාර්තා වෙමින් ඇති බ්‍රසීලය තුළ ගෙවීගිය දිනයේ තවත් නව කොවිඩ්-19 ආසාදිතයන් 38,693ක් අමාත්‍යාංශය විසින් වාර්තා කර තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරට සමස්ත ආසාදිත අගය මේ වනවිට 1,313,667ක් දක්වා ඉහළ ගොස් ඇත.
බ්‍රසීලයේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 727,715ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ගණනකට නොගත් පාලකයෙකු නිසා බ්‍රසීල ජනතාවට නොසිතූ විරූ ව්‍යසනයක ඛේදනීය ඉරණමක් කරා බලෙන් තල්ලු වීමට සිදුවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.