බ්‍රසීලයේ බොල්සොනාරෝ හදිසියේම රෝහල්ගත කරයි


බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පසුගිය ඉරිදා දිවා ආහාරයෙන් පසුව ඔහුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් නිසා සඳුදා අලුයම 3.00ට පමණ රෝහල්ගත කර තිබේ.

ඔහු බඩවැලේ ඇති විය හැකි බාධාවක් සඳහා ප්‍රතිකාර ලබන බව මීට පෙර එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ට්විටර් සටහනක් තබමින් 66 හැවිරිදි ජනාධිපතිවරයා කියා සිටියේ තම වෛද්‍යවරුන් සිය බඩවැලේ සිදුකිරීමට නියමිත ශල්‍යකර්මයක් තක්සේරු කරමින් සිටින බවය.

එමෙන්ම ඔහු රෝහල් ඇඳක වැතිර සිටින ඡායාරූපයක්ද සිය ට්විටර් ගිණුමට එක්කර ඇත. බොල්සොනාරෝ 2018 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පිහි ඇනුමකට ලක් වූ දා සිට කිහිප වතාවක්ම රෝහල් ගත කර ඇත.

2021 ජූලි මාසයේදී, නිදන්ගත ඉක්කාවකින් පෙළීමෙන් පසු බඩවැල් අවහිර වීම හේතුවෙන්ද ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවේය.



Recommended Articles