බ්‍රසීලයේ පමණක් ආසාදිත වූවන් මිලියන 1.5 සීමාවට


බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 48,105ක් වාර්තා කළ අතර, ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 1.5ක සීමාවට පැමිණ තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (03දා) වාර්තා කළේ එම අගය 1,496,858ක් බවයි.

වසංගතය අතරතුර බ්‍රසීලය විසින් වාර්තා කරන ලද දෙවැනි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බ්‍රහස්පතින්දා වාර්තා වේ.

පැය 24ක කාලයක් තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වූ ජුනි 19 වැනි ගණනය කර තිබූ සමස්ත ආසාදිත අගය 54,771ක් විය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී බ්‍රසීල රජය කියා සිටියේ වැඩි ජනගණත්වයක් සහිත ප්‍රාන්ත කිහිපයක් ඔවුන්ගේ දත්ත එවීමේදී සිදුවූ අස්ථාවරත්වය ඊට හේතුවූ බවය.

බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බ්‍රහස්පතින්දා නව කොවිඩ්-19 මරණ 1,252ක් වාර්තා කර ඇති අතර, ඒ සමග එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 61,884ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එරට සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව බ්‍රසීලයට මෙවැනි තත්ත්වයක් උරුම වීමට එරට රාජ්‍ය පාලකයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු අතර, ඔහු මුල සිටම පෙන්වූ වගකීම් විරහිතභාවය බ්‍රසීලය අමු සොහොනක් බවටපත් කරමින් තිබේ.



Recommended Articles