බ්‍රසීලයේ නව ජනාධිපති ලූලා ප්‍රථම නිල සංචාරය සිදුකරයි


බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා බලයට පත්වීමෙන් පසු සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉරිදා රාත්‍රියේ ආර්ජන්ටිනාවට පැමිණියේය.

ඔහුගේ සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ලතින් ඇමරිකානු සහ කැරිබියන් රාජ්‍යයන්ගේ සමුළුවට (CELAC) සහභාගී වීමය.

ලූලා අගනුවර බුවනෝස් අයර්ස් හි රාජ්‍ය නායකයින් ගණනාවක් සමග අඟහරුවාදා CELAC සමුළුවට සහභාගී වනු ඇත.

සමුළුවට සමගාමීව, හිටපු බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් අත්හිටුවන ලද සහයෝගිතාව සහ සංවාදය නැවත සක්‍රීය කිරීම සඳහා බ්‍රසීල ජනාධිපතිවරයා ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් සහ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ද හමුවීමට නියමිතව තිබේ.



Recommended Articles