බ්‍රසීලයේ දෛනික වැඩිම කොවිඩ් මරණ වාර්තාවක්


කොවිඩ්-19 මරණ සම්බන්ධයෙන් බ්‍රසීලය ඊයේ (02දා) දෛනික වැඩිම මරණ වාර්තාවක් තබා ඇති අතර, එම සංඛ්‍යාව 1,641ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

2020 ජුලි මස අග භාගයේදී වාර්තා වූ කොවිඩ්-19 මරණ 1,595ක් ඉක්මවා ගිය අවස්ථාවට පසුව, බ්‍රසීලය කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ නව උච්චතම අවස්ථාවකට මුහුණදී ඇති අතර, රෝහල් පද්ධතිය බිඳවැටීමේ අද්දරට තල්ලු වී තිබේ.

කොවිඩ්-19 රෝගයෙන් 257,000කට වැඩි පිරිසක් බ්‍රසීලයේ මියගොස් ඇති අතර, වසංගතය ආරම්භ වූ දින සිට මිලියන 10.6ක් පමණ ජනතාව ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles