බ්‍රසීලයේ දෛනික ආසාදිත 35,000කට ආසන්න වෙයි


බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඊයේ (17දා) දිනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 34,177ක් වාර්තා කළ අතර, ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,046,328ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොවිඩ් -19 මරණ 1,163ක්ද එදින වාර්තා කර ඇති අතර, එමගින් රටේ සමස්ත මරණ සංඛ්‍යාව 77,851ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය බ්‍රසීලයේ, විශේෂයෙන් දකුණට හා අභ්‍යන්තරයට සංක්‍රමණය වීමත් සමග මෙසේ ආසාදිතයන් හා මරණ ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින අතර, මෙම ප්‍රදේශ මීට පෙර මෙම වසංගතය පාලනය කරගෙන තිබුණි.

මේ අතර වෛරසය ආසාදිත බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ තවමත් හුදකලාව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එරට වාර්තා පෙන්වා දෙයි.

තමන් හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිත කරන බවද මීට පෙර අවස්ථාවක බොල්සොනාරෝ පවසා සිටි අතර, ඇමෙරිකානු නායකයා විසින් කරළියට ගෙනා මෙම මැලේරියා ඖෂධය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු වෛද්‍ය විශේෂඥයන් රැසක් කොරෝනා වෙනුවෙන් ප්‍රතික්ෂේප කළ ඖෂධයකි.



Recommended Articles