බ්‍රසීලයේ දෛනික ආසාදන සහ මරණ යළිත් ඉහළ යයි


බ්‍රසීලයේ ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 43,033ක් වාර්තා වී ඇති අතර, කොවිඩ්-19 මරණ 990ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද (07දා) පැවසීය.

වසංගතය ආරම්භ වූ දා සිට දකුණු ඇමරිකානු රට මේ වනවිට ආසාදිතයන් 20,151,779ක් ලියාපදිංචි කර ඇති අතර, නිල මරණ සංඛ්‍යාව 562,752ක් දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් පිටත වසංගතයෙන් ලොව තුන්වෙනුව නරකම තත්ත්වය බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, එරට එක්සත් ජනපදයෙන් පසුව වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද වාර්තා වෙයි.



Recommended Articles