ගිනිකොනදිග බ්‍රසීලයේ දිය ඇල්ලකට පහළින් ඇති පාෂාණ පතුරක් මෝටර් බෝට්ටු මතට හදිසියේ කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
කැනියොන් පාෂාණය පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙසේ කොටසක් කැඩී ගොස් මිනාස් ජෙරයිස් ප්‍රාන්තයේ කැපිටෝලියෝ අසල ෆර්නාස් විලට කඩා වැටී තිබුණි.
සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ පටවලින් පෙන්නුම් කළේ පාෂාණ තීරුව වතුරට කඩා වැටෙන විට සංචාරකයින් කෑගසන ආකාරයයි. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එක් බෝට්ටුවක් ජලයේ ගිලී ගිය අතර, අනෙක් බෝට්ටු වේගයෙන් එම ස්ථානයෙන් ඉවත් විය.