බ්‍රසීලයේ ජනපතිට එරෙහිව දහස් ගණනක් විරෝධතාවයේ


බ්‍රසීලයේ වත්මන් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ එලැඹෙන ඔක්තෝබර් මැතිවරණයෙන් පැරදුනත් බලයේ සිටීමට උත්සාහ කරනු ඇතැයි යන කනස්සල්ල මධ්‍යයේ එරට ලක්ෂ ගණනින් ජනතාව වීදි බැස ඇති බව වාර්තා වෙයි.

අන්ත දක්ෂිණාංශික නායකයා ඡන්දයේ ප්‍රතිඵලයට ගරු නොකරනු ඇතැයි යන බිය මත විරෝධතාකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා බ්‍රහස්පතින්දා නගර කිහිපයක පෙළපාලි ගියහ.

බොල්සොනාරෝ බ්‍රසීලයේ ඡන්ද ක්‍රමය අපකීර්තියට පත් කිරීමට නැවත නැවතත් උත්සාහ කර ඇති බවට චෝදනා නැගෙයි.

වසරකට පෙර, බොල්සොනාරෝ මුද්‍රිත ඡන්ද පත්‍රිකා හඳුන්වාදීමේ ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ කළ නමුත් එම යෝජනාව කොංග්‍රසයේදී පරාජයට පත් විය.

ඔහු හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආදර්ශයට ගැනීමට සූදානම් වන බවටත්, මැතිවරණයෙන් ඔහු පරාජය වුවහොත් විශාල වංචාවක් සිදුවූ බව පවසමින් බලයේ රැඳී සිටීමට ඔහු උත්සාහ කරනු ඇති බවටත් ජනාධිපතිවරයාගේ විවේචකයෝ බිය පළ කරති.

ඒ අනුව, ඉහළම ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සහ සුප්‍රසිද්ධ බ්‍රසීල කලාකරුවන් ඇතුළු 900,000කට ආසන්න පිරිසක් විසින් අත්සන් කරන ලද එහිදී "ප්‍රජාතන්ත්‍රවාදී නීතිය ආරක්ෂා කිරීමේ" නව ප්‍රතිපත්ති ප්‍රකාශය මධ්‍යම සාඕ පවුලෝ හි පෙළපාලියකදී කියවනු ලැබිණි.



Recommended Articles