බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත වූවන් මිලියන 3.5 ඉක්මවයි


බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවීගිය පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 45,323ක් වාර්තා කර ඇති අතර, මේ සමග එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,501,975ක් දක්වා ඉහළ යමින් මිලියන 3.5 කඩඉම පසුකර තිබේ.

අවම වශයෙන් මෙම කාලය තුළ තවත් කොවිඩ් -19 මරණ 1,204ක් වත් අමාත්‍යාංශය විසින් වාර්තා කර ඇති අතර, එමගින් රටේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ආසන්න වශයෙන් 112,304ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රසීලය ආරම්භයේ සිටම කොවිඩ්-19 සටන රටේ නායකත්වය විසින්ම පාවාදුන් අවස්ථාවක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, වෛරසය පුංචි උණක් ලෙස සැලකූ ජනපති බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය රටේ ආසාදන හා මරණ වැඩිවීමට සෘජුවම බලපෑ බවට චෝදනා පවතී.



Recommended Articles