බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් නව කොරෝනා වෛරසය පාලනය කිරීමට ගත් උදාසීනත්වය සමග ජනතාව අතර කෝපය උත්සන්න වනවිට බ්‍රසීලය විසින් තහවුරු කරන ලද කොවිඩ්-19 වෛරස් ආසාදිතයන් මිලියන 2 සීමාව පසුකර තිබේ.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෑත සතිවලදී දිනකට නව ආසාදිතයන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති අතර බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක සිට මිලියන 2ක් දක්වා ඉහළ යාමට දින 27ක් පමණක් ගතවී ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (17දා) අලුයම වාර්තා කරන පරිදි, බ්‍රහස්පතින්දා වනවිට බ්‍රසීලයේ තහවුරු වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,012,151ක් වන අතර, මරණ සංඛ්‍යාව 76,688කි.